-
පොඩ්ඩා
රු925.00පරිවර්තනය – හසිත කැකුලාවල
‘මට තාම වයස අටයිනේ’
මම මට ම කියාගත්තෙමි.
‘කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නැහැ.
ඒක වෙන්න බැරි දෙයක්.’ -
-
මායාකාරියෝ
රු950.00පරිවර්තනය – සමරසිංහ ගුණසේකර
සුමානයකට එක ළමය යි
ඒ කියන්නෙ
අවුරුද්දට
පනස් දෙකයි
උන් පොඩිකරලා මිරිකනවා
මිරිකල උන් අඹරනවා
කම්බස්කර හංගනවා -
මැටිල්ඩා
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
අපි දැක්කා
මිස් ට්‍රන්ච්බුල්,
පොඩි ගෑනු ළමයෙක්ගෙ
දිගට ගොතපු කොණ්ඩා කැරලි දෙකින්
උස්සලා අරගෙන
එයාගෙ ඔළුව වටේ වේගෙන් කරකවලා
පිට්ටනිය වටේ තියෙන
කම්බි වැටයි ගස්ටිකයි
උඩින් යන්න විසිකරපු හැටි ! -
-
-
-
-
මෘගයා
රු1,975.00බකිංහැම් මාළිගයේ මෘගයා
පරිවර්තනය – කත්‍යානා අමරසිංහබ්රිතාන්යය. අනාගතය.
වර්ෂ 2120.
අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ්‍රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ.ඇල්ෆ්රඩ්ගේ මිතුරිය මයිටි. ඈ දුප්පත්, අනාථ දැරියක්.
භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග්‍රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා !
රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත්‍රාසජනක, වික්‍රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා ! ඇල්ෆ්‍රඩ් සහ මයිටි එය ජයගන්නේ කොහොමද?
ත්‍රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ රස විඳිය හැකියි.
-
-
රකුසු නැන්දා
රු1,550.00පරිවර්තනය – කත්‍යානා අමරසිංහ
ස්ටෙලා කියන්නෙ වංශවත් පවුලක ඉපදුණු ගෑනු ළමයෙක්. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. එයාට හිටියේ හරිම නපුරු ම නපුරු නැන්දා කෙනෙක්. එයා කොයිතරම් දුෂ්ට ද නපුරු ද කියලා ඔයාලට හිතා ගන්න වත් බෑ. ඇත්තටම එයා රකුසු නැන්දා කෙනෙක්.
ඉතින් මේ කතාවෙ තියෙන්නෙ ස්ටෙලාගෙයි ඒ රකුසු නැන්දගෙයි කතාව. කුතුහලයෙන් පිරුණු හරිම ත්‍රාසජනක සිද්ධිවලින් සමන්විත මේ කතාව කියෙව්වම ඔයාලට තේරෙයි ස්ටෙලා කොයි තරම් නිර්භීත ගෑනු ළමයෙක් ද කියලා.
-
-
ලේ ඇතුළෙන් චාරිකාවක් – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා
රු725.00ආයුබෝවන් ළමයිනේ!
මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න.
ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ ඇඟේ තියෙන ලේ හැඳිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? -
ලෝ පතල හොල්මන් කතා
රු985.00පරිවර්තනය – උපාලි උබයසේකර
මට හැකි වුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක් රැස් කරගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා. ඉතින් ඊට පස්සේ මම කියවන්න පටන් ගත්තා… මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලන විට හොල්මන් කතා හත්සිය හතළිස් නවයක් කියවා තිබුණා.
හදිසියෙන් ම, බොඳව අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. මම හොඳ කතාවක් සොයාගත්තා. ඒක අන්තිම වුණේ මාව වෙව්ලුවලා. ඒකේ නම හැරී…
මට හොඳම හොල්මන් කතා විසි හතරක් හොයාගන්නටත් , තවත් තරමක් හොඳ දහයක් හොයගන්නටත් හැකි වුණා…
– රෝල්ඩ් ඩාල්
-
වන වදුලේ පුංචි ගෙදර
රු990.00පරිවර්තනය – කත්‍යානා අමරසිංහ
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘ලිට්ල් හවුස් ඔන් ද ප්රෙයරි’ කෘති මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්වීනර්ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වූ ජීවිත කතාව නමින් පළ වී ඇති අතර ‘වන වදුලේ පුංචි ගෙදර’ එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙහි පළමු කෘති දෙක ‘පුංචි ගෙදර විත්ති’ සහ ‘සිවු මංසලේ පුංචි නගරය’ නමින් පරිවර්තනය විය. මේ කතාවේ ද කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහොදරියන් බෘක්ෆීල්ඩ් හි ඔවුන්ගේ නිවෙස අත් හැර දමා සුන්දර, වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත්, එහි දී හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරිය සම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ. කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාවේ ද ලොව පුරා හැම වයස් කාණ්ඩයකම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.
















