-
දූවිලි කෙල්ල
රු1,050.00පරිවර්තනය – උපාලි උබයසේකර
රාජ්, දූවිලි ගොඩකින් වැහිලා ඉන්න
පුංචි කෙල්ල දිහා හොඳින් බැලුවා.
“මට සමාවෙන්න ඕනැ අහනවට, මොකාට ද
ඔයා ඇඳලා ඉන්නෙ ඇත්තට ම?.”
“දූවිලි කෙල්ල.”
“දූවිලි කෙල්ල ?”
“ඔවු ඔවු, දූවිලි කෙල්ල. එයා සුපර් වීරයෙක්, ඔයා දන්නවනෙ.” -
නරක තාත්තා
රු780.00පරිවර්තනය – උපාලි උබයසේකර
තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටු ම කෙට්ටු තාත්තලා ඉන්නවා. උස අය ඉන්නවා, මිටි අය ඉන්නවා. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති මෝඩ තකතීරු තාත්තලාත් ඉන්නවා. ශාන්ත දාන්ත ගාම්භීර තාත්තලත් ඉන්නවා. සද්ද බද්ද දාන තාත්තලත් ඉන්නවා. බොහොම නිශ්ශබ්ද තාත්තලත් ඉන්නවා.
ඒ වාගේම හොඳ තාත්තලා ඉන්නවා. නරක තාත්තලා ඉන්නවා… -
මෘගයා
රු1,975.00බකිංහැම් මාළිගයේ මෘගයා
පරිවර්තනය – කත්‍යානා අමරසිංහබ්රිතාන්යය. අනාගතය.
වර්ෂ 2120.
අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ්‍රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ.ඇල්ෆ්‍රඩ්ගේ මිතුරිය මයිටි. ඈ දුප්පත්, අනාථ දැරියක්.
භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග්‍රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා !
රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත්‍රාසජනක, වික්‍රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා ! ඇල්ෆ්‍රඩ් සහ මයිටි එය ජයගන්නේ කොහොමද?
ත්‍රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ රස විඳිය හැකියි.
-
රකුසු නැන්දා
රු1,550.00පරිවර්තනය – කත්‍යානා අමරසිංහ
ස්ටෙලා කියන්නෙ වංශවත් පවුලක ඉපදුණු ගෑනු ළමයෙක්. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. එයාට හිටියේ හරිම නපුරු ම නපුරු නැන්දා කෙනෙක්. එයා කොයිතරම් දුෂ්ට ද නපුරු ද කියලා ඔයාලට හිතා ගන්න වත් බෑ. ඇත්තටම එයා රකුසු නැන්දා කෙනෙක්.
ඉතින් මේ කතාවෙ තියෙන්නෙ ස්ටෙලාගෙයි ඒ රකුසු නැන්දගෙයි කතාව. කුතුහලයෙන් පිරුණු හරිම ත්‍රාසජනක සිද්ධිවලින් සමන්විත මේ කතාව කියෙව්වම ඔයාලට තේරෙයි ස්ටෙලා කොයි තරම් නිර්භීත ගෑනු ළමයෙක් ද කියලා.
-
සීයා පලායයි
රු1,900.00පරිවර්තනය – උපාලි උබයසේකර
තමන් ජීවත් වෙන්නෙ මොන අවුරුද්දෙ ද, කතා කරන්නෙ කා එක්ක ද කියලත් අමතක වන සීයා, දෙවෙනි ලෝක යුද්ධය කාලෙ හිතින් ජීවත් වෙමින් එයාගෙ මුණුබුරා ජැක්ට තමන් කරපු ගුවන් ප්‍රහාර ගැන වීර කතා කියනවා. ඒත් සමහර වෙලාවට එයාට ජැක්ගෙ නමත් මතක නැහැ. සීයා හිටි ගමන් කරන්නෙ පුදුම වැඩ. සුපිරි වෙළඳ සංකීර්ණයේ බඩු ගෙනයන කරත්තයකට පැනලා පිටි පැකට්වලින් බෝම්බ දාන්න ගිහින් සීයාට ජීවිතේටම ඒකට එන්න තහනම් වෙනවා. දුෂ්ට පාලිකාවක් ඉන්න මහලු නිවාසයක හිරවෙන්න සිද්ද වුණා ම ජැක් තමන්ගෙ ආදරණීය සීයාව එතනින් බේරාගෙන පැනලා යනවා විතරක් නෙවෙයි රාජකීය යුද කෞතුකාගාරයෙන් ස්පිට්ෆයර් ගුවන්යානයක් හොරෙන් අරන් දෙන්නා එක්ක ඒක පදවාගෙන යනවා.
වයසට යනකොට හැදෙන අමතකවීමේ රෝගය ගැනත් මරණය පිළිබඳවත් ළමයින්ට කියා දෙන අතරම සීයා කෙනෙක් සහ මුණුබුරෙක් අතර ඇති ආදරය ගැන මේ තරම් හිත උණු කරන කතාවක් ඔබ මේ වනතුරු කියවා නැති බවට සහතිකයි.
-
-
ෆිංග්
රු1,400.00පරිවර්තනය – උපාලි උබයසේකර
මේ කතාව
සියලු ම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි.
ඒත් එයාට තවත් දේවල් ඕනෑ වුණා.
තවත් එකක්
“ෆිංග්”







