සමුගැනීමත් මරණයක්

රු450.00

මාර්සෙල් එක්ක කොච්චර තරහින් හිටියත් මාලා එයාගේ කර්තව්‍යයන් අකුරට ම ඉටු කළා. ලෙඩ්ඩු බලාගන්න එකයි, ගෙවල් හා ආයතන පිරිසිදු කරන එකයි එයාගේ ඇඟේම තිබුණා. ඇයි උයන එක…. මාලාට තමන් ගැන ම උපහාසයකින් වගේ හිතට නැගුණා. අවුරුදු දාහතරේ සිට විස්ස වෙනකම්ම මෙහෙකාරිය. එතන ඉඳලා අද වෙනකම් සාත්තු සේවිකාව, පිරිසිදු කරන්නිය, අත් උදව්කාරිණිය….. ඇයි කඩේ යන්නිය… මාලාගේ හිතට ආයෙත් උපහාසයක් පැන්නා. සමහර වයසක ප්‍රංශ මිනිසුන්ට කඩේ ගිහින් බඩු ගෙනත් දෙන එකත් මාලා කරපු එක රැකියාවක්.
මම වාසනාවන්තයි ද අවාසනාවන්තයි ද මාලාට මාලාගෙන් ම ප්‍රශ්න ඇහුණා. ප්‍රංශෙට ආපු නිසා වාසනාවන්තයි. දරුවන් දෙන්නෙක් ලබපු නිසා වාසනාවන්තයි. කාර් එළවන්න ඉගෙනගන්න ලැබුණු නිසා වාසනාවන්තයි. ඒත් අනික් පැත්තෙන් ගත්තොත්, නාකියෙක් එක්ක පවුල් කන එක අපායක්. ඒ මිනිහගේ අත තාම වෙවුලමින් මාලාගේ කලවය දිගේ ඉහළ නගින එක අපායක්.

 

SKU: 978-955-708-112-0
Category:
Weight 0.5 kg
Dimensions 22 × 15 × 1 cm
Book Author

Format

Customer Reviews

There are no reviews yet.

Be the first to review “සමුගැනීමත් මරණයක්”

Your email address will not be published. Required fields are marked *